ඔබ මුහුදේ කොටු හැඩති මුහුදු රළ දුටුවහොත් වහාම ජලයෙන් ඉවත් වෙන්න

3.  අහසේ ඇතිවන වළාකුළු බැම්මක්

Picture of a wall cloud in the sky
reshade.com

අහසේ ඇතිවන වළාකුළු බැම්මකින් පෙන්නුම් කෙරෙන්නේ ළඟ ළඟම ඇති වෙනසුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක් . වාතයේ පීඩනය ඉක්මනට වැඩිවෙනකොට වළාකුළු සාමාන්‍යයෙන් පහලට ඇවිල්ල කුණාටුවට පහලින් වළාකුළු බැම්මක් හදනවා. මේක සැතපුම් 5ක් වගේදුරකට පැතිරෙන්න වුනත් පුළුවන්. කොහොම වුණත් මේ වලාකුළු බැම්මට ඇතිවෙන භ්‍රමණය බොහොම විනාශකාරී ටොනේඩෝ එකක් බවටත් පත් වෙන්න පුළුවන්

4. මුහුදු වෙරළේ පිළිවෙළක් නැති මුහුදු රැලි ඇතිවෙනවා නම්

picture of an imminent riptide
TrendsCatchers.co.uk

මුහුදු වෙරළෙ ඉන්න අවස්ථාවක සුන්බුන්, මුහුදු ශාක එහෙමත් නැත්නම් පිළිවෙලක් නැති ජල තරංග වෙරළින් ඈත් වෙලා එක්තරා නිශ්චිත ප්‍රදේශයකට ඉවත් වෙනවා නම් , ඒ අනතුරු සංඥාවක්.  එතන ලොකු සම්භාවිතාවක් තියෙනවා බොහොම විනාශකාරී දිය වැලක් ජල මතුපිටින් ආරම්භ වෙන්න. ඒ වගේම ජල තරංග අතර ඇතිවෙන වැඩි ඉඩකඩක් හෝ වර්ණය වෙනස් වුණු ජල තරංග කොටසක් මතුවෙන එක අනිත් සංඥා විදියට දකින්න පුළුවන් එවන් අවස්ථාවක ඔබ වතුරේ ඉන්නවා කියන්නේ ඒක බොහොම අනතුරුදායකයි. එහෙම අවස්ථාවක ජල තරංග මගහරිමින් ඊට සමාන්තරව වෙරළ දෙසට පිහිනන එක තමයි ඔබට කරන්න පුළුවන් හොඳම දේ.