ඔබ මුහුදේ කොටු හැඩති මුහුදු රළ දුටුවහොත් වහාම ජලයෙන් ඉවත් වෙන්න

සොබාදහම කියන්නේ හිත නිදහස් කරන්න සැහැල්ලු කරන්න තියෙන නැවුම් ක්‍රමයක් උනාට ඒකෙත් ආවේණික වුණු අන්තරාදායක දේවල් තියෙනවා. වනාන්තරය , සාගරය ලස්සන ආකර්ෂණීය ස්ථාන උනාට මේ හැම තැනකම වගේ ඒ ලස්සන එක්ක එක හා සමාන අනතුරුදායක තැන් තියෙන්න පුළුවන් වාසනාවකට වගේ සොබාදහම තුලම අපිට ඒ ගැන අනතුරු අඟවන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි ඔබ මේ සංඥා ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් ඔබව  අවාසනාවන්ත ස්වභාවික විපතක ගොදුරක් වෙන්න ඉඩක් තියෙනවා.

  1. ජේ හැඩැති ගස්

J-shaped-trees
trendscatchers.co.uk

ඔබ කවදා හරි කැලෑවක් එහෙමත් නැත්නම්කඳු තරණය කිරීමක් කරද්දි ජේ හැඩති ගස් සමූහයක් දැක්කොත් ඒක පැහැදිලිවම භූමිකම්පාවක අනතුරු ඇඟවීමක්. පොළොවේ සෙමෙන් ඇතිවෙන චලනයන් හේතුකොටගෙන ගස් මේ වගේ හෙමින් පැත්තකට නැමෙන්න පටන් ගන්නවා. දෙයියනේ කියලා ඔබට ඒ අනතුරෙන් ගැලවෙන්න පුළුවන්.

2. මුහුදු ජල මට්ටමේ හදිසි පහළ බැසීම

picture of an ocean
reshade.com

පැසිපික් සාගරය අවට මුහුදු ජල මට්ටම පහත වැටෙනවා නම් ඔබ ඉන්නේ සුනාමි අනතුරු සහිත කලාපයක. ඔබ වහාම  ආරක්ෂිත දුරකට ඉවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් සුනාමි ඇති වෙන්නේ පොලව යට ඇතිවන භූමිකම්පාවක් හේතුවෙන් ඊට ඉහලින් තියෙන ජල තරංග පැයට සැතපුම් 500 ක වගේ වේගයෙන් සාගරය හරහා ගලා යනකොට.